Thursday, November 24, 2011

කියවනු හැකි වෙද නොලියූ පද පෙල

Monday, November 21, 2011

සොයා සසරේ එන්නෙ පෙර මෙන්

Thursday, November 17, 2011

රුදුරු වනු ඇයි පෙම් සිතකට මහරූ

සිත නිවන කවි

Monday, August 29, 2011

මිය ගිය පුතුගෙන් අම්මාට


අහසේ පෙනෙන ඉර හද ඉල්ලා හැඩු හැටි බාලේ
සිහිවේ සිතට අම්මා අඩනා 'යුරු දුටු විට අද දිනයේ
පෙනෙනා දෙයකි බිළිදෙකු වූ මා ඉල්ලා හැඩුවේ
නොමැති නොපෙනෙනා පුතු ඉල්ලන්නේ ඈයි අම්මේ


දෙතිස් වධය පැමිණූ විට අන්ධකාරයේ
මිනිස් සිතට නෙක සිතිවිලි එයි නිරන්තරේ
උදහස් නොවී ඉවසීමෙන් සිහිකෙරුවේ
අපිටත් අපව හිමි නැහැ ගොරහැඩි සසරේ


හඩා වැළපිලා ඔහොමට අහසට දුක කියලා
නොවේ සිතට සැනසුම කිසිදාකදි ලැබිලා
සාප නොකර මා මැරු මිනිසා සොයලා
ඔහුහට මවක් වෙනුමැන බඹවිහරණ දීලා 

Sunday, August 28, 2011

රිදී ඉර

වෙරළ කොනක ක්ෂිතිජය දෙස
බලන් ඉන්න සමනළියට
නොපෙනෙද අර ඈත පේන
දිලිසෙන රන් තරුව සුදට

හිරු සදු ගෑන ගුණ වෑයුවට
හරි ලොකුවට පෙනුනට
බෑහෑල යනව හොර හොරාට
අදුර සමග අප තනිකර

මරු කතරට දිය බිද වී
සසර පුරුදු ලෙස පේවී
සොදුරු සිහින මතු කරදී
තනි තරුවක් පායාවී

පරවුනු මල බිමට නෑවී
පොළව සමග හාදු දිදී
ඉන්න විටදි දුක පහවී
පොහොට්ටුවක් යලි පීදී

දවන සුසුම් නිවා ලන්න
තරු එලියට ඉඩ හරින්න
හෙමි හෙමිහිට හිත හදන්න
හිනා වලට ඉඩ හරින්න

කළගුණ


හිත හිරි වට්ටන හැගුම්

ඉදුවර පෑහෑය සුසිනිදු සලු අතරේ
රෑයක පායන සද එලියෙ දිලුනේ
නැගෙන හිරු සේ පෑතුම් වෑගිරේ
සිහින මෑව්වෙ ඔබයි ලදුනේ

තුරුණු වරුණේ ගයමි අරුණේ
විසුල මල් රොන් සුවද ඈමිනේ
බෑදුනු බෑදුමක මිහිර දෑනුනේ
සුනිල සෙනෙහස ලගම රෑදුනේ

මග නොමග පිය මනින සටහන
ඔබම විය සද පහන හෙටදින
ලපලු සියුමෑලි හෑගුම එක්වන
දිදුල නා ලිය ඔබය පොබයන

Friday, August 26, 2011

දුවන මුවැත්තී


වැටුප


මුව තුල හොවා සිටිනා විට අම රස දුන්න
මොහොතක සුවය පමණකි ඉන් ලැබෙන​
පණුවන් ගසා දත් අහිමිව යාමට මග කියන
රස මිස ගුණය නැති ටොපියකි සැම ගිලින

නෝක්කාඩු


Wednesday, August 24, 2011

විරහව

බෑදන් අත්වෑල් තුරුලු කරගෙන දුන්නු උනුහුම වියෑකෙනා
කියන් පෙම්බස් හිටිය මුත් එක මොහොතකින් මුව ගොලුවෙනා
සදන් මාලිග සිහින විමනක දුරක ගිය හෑටි සිහියට එනා
අදත් පාලුව කරන් මා වට වෑටක් වූ දුක ඈ ත හඩවනා

තවත් ලොකුවට පෑතුම් පොදි බෑද යනව ගමනක නොනිමෙනා
බලන් දස අත නොලද පෙම් සුව රගන විට නෙත පිරවෙනා
සිතින් මහ රෑය බෑන්ද පවුරක හීනෙකින් සවි ලෑබගෙනා
නමින් මා නුබ කියන පෙම් කව ලසෝ හඩකින් වෑළපෙනා

ඈගේ මතක


බලා සදේ රෑස් කිරණක් රෑයේ මුකුළු කලා
පුරා වතේ ඈදුනු කෑලුම් කියු රහසක් අසා
වසා නෙතේ පිහාටුවක සමනළ පාටක් තියා
සලා බදේ තාල රෑගුම් සුරගන ඈතක පාවුනා

කලා සොළොස පිරී විගස ලොව අදුරෙන් මුදා
ලතා විලස වෙලෙන ලෙලෙන සද කෑන් ආ ගලා
මුදා වරළ මොණර පිලක ඉදුවර සිරි නෙත් පුරා
වසා මහද ඈගේ මතක ගෑඹුරක සිරවී සෑගවුනා


Tuesday, August 23, 2011

සමාවෙන්න

ලන්ව ඉඹින්නට බෑරි මල් වල සුවද
අව්ව තිබෙන විට වේලාලා බෑන්ද
සිහිව දෙව් ලියන් අහසේ දුර ගියද
පොළව පමණි දුන්නේ මී පෑණි කන්ද

සියොත් රෑලක් ඈවිදිනවා රළු පොළවේ
සරත් සමේ හිම වෑටුනයි කිටි කිටියේ
හදත් අත ලගයි කරවට ඈත තරුමාලේ
දුමත් මා වටකරන් මිතුදම් පෑවා වේ

තරහ වෙන්නෙපා ආදර පෙනහෑල්ලේ
විරහ වේදනා හින්දයි දුම් බොන්නේ
පහව යන තුරා දුක ඉවසාගෙන ඉන්නේ
මරුව එනතුරා පමණයි ඔබ විදවන්නේ

පාර කියන හසරෑල්


අඹ කඩන්න ගහට නගින්න ගිය පුංචි පුතා අම්මාට හසුවෙයි


Wednesday, August 17, 2011

දුවකගෙන් වෙන් වූ මවකගේ හෑගුම්


සෙනෙහස මුසු කරමි නුඹ පිස එන මද නලෙහී

නිති දුක ලියලනව හෑමවිට මගෙ හද ගෑබෙහී

කිරි කර පෙවූ ලය මඩලට තව ඉහිලුම් නෑතිවී

ඉකි බිද හඩනවා සුදු දුව ලියූ පද කියවන විටදී

Sunday, August 14, 2011

බඹරගේ කව


පිළිකාව



හෑම රෑයක ලොව නෙතු නිදන කල සොදුරු සුවබර සිහිනයේ
මම තනිව ලෙඩ ඈදක වෑතිරී සොයමි හද දෑන් කෝ කොහේ
දින ගෙවෙන මුත් හෙට එලිය හිරු දකිනු හෑකිවේද මට අනේ
වෙන සිහින මහ ගොඩක් මට නෑත එකම සිහිනෙත් බොදවුනේ

දිගට හෑඩ කොට රෑළි දමා වෑඩ සරසලා සෑදු කෙහෙරෑලි කොහේ
ලගින් හිද පෙරදිනෙක මා හා ගී ගෑයූ අය ලෙසින් සෑගවී ගියේ
මල් බිගුන් තුඩු මද නලත් හා සුවය විදිමුත් මුත් සමණල් වියේ
අද බෙහෙත් පෙති සමග උල් කටු මා වටේ හිද මට හිනෑහෙතේ

දිනක් වේ නම් හෙටක් ඉපදෙන මටත් එහි ඉඩ නෑතුවදෝ
දුකක් දෙන්නට මගේ අම්මට පෙර භවේ පව් පිරුනදෝ
බිදක් වත් පින් කමක් කර ඈති මහිමයේ ඵල නෑතිවෙදෝ
මිනිස් කම් ලෑබ අකල පරවෙන මල් තවත් ඉපදේවිදෝ


Friday, August 12, 2011

නිකිණි කවි තිළිණ


සමාහිත සිත

කදුලු නොනගිනා ඈස් වියළි කතරකි
නොරිදෙනා සිත මහ කළු ගළකි
අපි යන්නේ මේ සසරේ දිග ගමනෙකි
වාරුව වන්නේ දුක සෑප මෑද සන්සුන් සිතකි

ආගමනය

නුඹ ආවට පස්සෙ
තෙමිල හීතල වෑස්සෙ
ළපටි තණ බිස්සෙ
සිනා කෑන් ඉස්සෙ

නුඹ ආවට පස්සෙ
රෑයක වෑඩිවී දිස්නෙ
තුරුලතා පෙළ අස්සෙ
සුරලියොත් මෙහි බෑස්සෙ

නුඹ ආවට පස්සෙ
පුරා දිව රෑ තිස්සේ
දුටු හීන දශ ලක්ෂේ
ගෑන කියමි මම සෙස්ස___ පස්සේ.....

ජයග්‍රහණය

දේදුනු පායනා විට එහි පෑහෑසර අඩු හින්දා
ඔබ වත කමලේ රෑදි පෑහෑ ඉල්ලා හිරු ආවා
ඈතින් දිලෙන තරු කුමරියො ඔය නෙතු ඉල්ලා
එන විට සගව ගමි තුරුලේ ඔබ මගෙ කියලා

එකලු වෙන්න ලොව දෙහදේ රෑදි පෙමිනී
සසර පුරා හෑම පෑතුමක එක්වී යාවී පෑමිනී
සියොලග උනුහුමක් රන්දා පස් පියුමන් පිපුනී
හෑම බාධක බිද දමා රන් හුයකින් දෑගිලි බෑදුනී

නොලියූ හිස් පිටුව

කුරුටු ගෑ වදන් පෙල
අතර තිබු හිඩෑස් වල
ලියවිලා පල නොකල
හෑගුම් නොහෑගුනි උදුල

ල0වෙනා මොහොතින් මොහොත
වෙන්වෙලා දුර ඈතකට යන
සිත්පුරා හෑගුමන් නිදන් වන
තත්පරය දිගුවෙනා අරුමය

සහන් එළි තව ඈත දිදුලන
පියෙන් පිය තබමින් සෙමෙන් යන
නුබේ දිවියට සදා සරණය
ලියා නොලියා තෑබූ ප්‍රේමය

සොයා යාම

එකතු කරගෙන හෙලපු සුසුමන්
මහමෙරක් කරමත හෙලා මන්
නුබ සිටින ඉම සොයාගෙන දෑන්
දුවන් එන්නෙමි හුස්ම යනකන්

වටිනාකම

ගණන් කරොත් අහසෙන් වෑටෙනා වහි බින්දු
දෑන ගත හෑකි වේය නුබ හින්දා මම බිවු කදුලූ
කලුවන් කලුවරක් දසතම රන්දා හිරු සෑගවූ
වෑහිබර අහස වාගේමයි නුබගෙත් හිත නපුරූ