වෙරළ කොනක ක්ෂිතිජය දෙස
බලන් ඉන්න සමනළියට
නොපෙනෙද අර ඈත පේන
දිලිසෙන රන් තරුව සුදට
හිරු සදු ගෑන ගුණ වෑයුවට
හරි ලොකුවට පෙනුනට
බෑහෑල යනව හොර හොරාට
අදුර සමග අප තනිකර
මරු කතරට දිය බිද වී
සසර පුරුදු ලෙස පේවී
සොදුරු සිහින මතු කරදී
තනි තරුවක් පායාවී
පරවුනු මල බිමට නෑවී
පොළව සමග හාදු දිදී
ඉන්න විටදි දුක පහවී
පොහොට්ටුවක් යලි පීදී
දවන සුසුම් නිවා ලන්න
තරු එලියට ඉඩ හරින්න
හෙමි හෙමිහිට හිත හදන්න
හිනා වලට ඉඩ හරින්න

No comments:
Post a Comment